ප්‍රියන්තගේ ඝාතකයන් උර්දු භාෂාවෙන් ප්‍රකාශ කළේ මොනවාද? (වීඩියෝ)

මේ වන විට ලොවක් කථාබහට ලක්වී ඇති ප්‍රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් ශ්‍රී ලංකා පාකිස්තාන මිත්‍රත්ව වෙළඳ සහ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ඉෆ්තිකාර් අසීස් මහතා සහ ආචාර්ය චන්දිමා විජේවර්ධන මහත්මිය සමග වැඩිදුර සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී මෙම චන්දිමා විජේවර්ධන මහත්මිය භාෂා ගණනාවක් පරිශීලනය කර ඇති අයෙක් වශයෙන් එහි දී ඇය මෙම ඝාතකයින් විසින් ලබාදෙන ප්‍රකාශයන්හි ඔවුන් විසින්  සඳහන් කරන වචන කිහිපයක් පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි.

මෙම ම්ලේච්ඡයින් මෙවන් අපරාධයක් සිදුකර ඔවුන් ඉතා අභිමානයෙන් යුකත්ව “අපි මෙය කළා”  වැනි ප්‍රකාශයන් සිදු කරන වීඩියෝපට රාශියක් සමාජ මාධ්‍යට මුදාහැර ඇති අයුරු ඇය අධ්‍යයනය කර ඇත.

එක් අවස්ථාවක දී පුද්ගලයෙක් සඳහන් කර තිබෙන්නේ මෙම ප්‍රියන්ත කුමාර මහතා ඔවුන්ගේ ආගමික පාඨයක් සඳහන්ව තිබූ පෝස්ටර් එකක් කඩා කුණු බඳුනකට දැමූ බවත් මේ පිළිබඳව ආයතනයේ ප්‍රධානීන්ට දැන්වූව ද ඔවුන් ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් අපි මෙම පුද්ගලයාට මෙලෙස වද දී මරා දැමූ බවයි.

එමෙන් ම තවත් පුද්ගලයෙක් සඳහන් කර තිබෙන්නේ “අපි මොහුව අපායට යන්නම වැඩේ කළා”  වැනි ප්‍රකාශයක් බවයි චන්දිමා විජේවර්ධන මහත්මිය සඳහන් කළේ.

ඇය මෙහි දී සඳහන් කළ තවත් කරුණක් වන්නේ මෙම ඝාතකයින් විසින් මෙහි දී එක්තරා පාඨයක් ප්‍රකාශ කරමින් මහ හඬින් ඔල්වරසන් දෙන අතර එම පාඨය සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනු ලබන්නේ පාකිස්ථානයේ සිටින දේශපාලනික කණ්ඩායමක් බවයි.

එබැවින් මෙය ආගමික අන්තවාදීත්වයට එහා ගිය දේශපාලනික පැතිකඩක් ද පැවතිය හැකි බවට ඇය මෙහි දී සැක පහල කර ඇත.

කෙසේ නමුත්  ලංකා පාකිස්තාන මිත්‍රත්ව වෙළඳ සහ ආයෝජකයින්ගේ සංගමයේ සභාපති ඉෆ්තිකාර් අසීස් මහතා ප්‍රකාශ කරන්නේ මෙතුළින් කිසිවිටෙකත් ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර පවතින මිත්‍රත්වය පලුදු නොවන බවත් එරට අගමැතිවරයා නිෂ්චිත වශයෙන් ම මේ සඳහා ගතයුතු උපරිම පියවර ගන්නා බවත් ය.

සම්පූර්ණ සාකච්ඡාව පහතින්,

Exit mobile version