පන්ජාබ් පළාත් ආණ්ඩුව තීරණය කර ඇත්තේ පාකිස්තානයේ සියල්කොට්හි දී අමානුෂික ලෙස ප්‍රියන්ත කුමාර මහතා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දිනපතා විභාග කිරීමටය.
නීති අමාත්‍ය මුහම්මද් බෂාරත් රාජාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද නීතිය හා සාමය පිළිබඳ පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇති අතර එම නඩුව දින 14ක කාලයක් තුළ දී අධිකරණය හමුවේ ගොන්කරන ලෙසට ද එහි දී දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන් ම එහිදී ඝාතනයට සම්බන්ධව අත්අඩංගුවට ගැනුනු සැකකරුවන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර නිදැල්ලේ සිටින සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පංජාබ් පොලිසිය ප්‍රකාශ කර ඇත.
නඩු විභාගය නිරීක්ෂණය සඳහා විශේෂ මැදිරියක්ද පිහිටුවීමට පළාත් කැබිනට් කමිටු රැස්වීමේ දී තිරණය කර ඇති බව වාර්තා වේ.