පාකිස්ථානයේ සියල්කොට්හි දී ඝාතනය කරන ලද ප්රියන්ත කුමාර දියවඩන මහතාගේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් 18 දෙනෙකු ගුජරන්වාලා ත්රස්ත මර්දන අධිකරණය මගින් අද (13) රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග ලබා දී ඇත.
ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ දින 15කට පමණ වන අතර යළිත් ඔවුන් 28 වන දා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මීට පෙරදී ද ප්රියන්ත කුමාර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 34 දෙනෙකු ගුජරන්වාලා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.