පසුගිය දා පාකිස්තානයේ දී අමානුෂික ලෙස ඝාතනය කළ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන් සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව විසින් අරමුදලක් එකතු කිරීමට කටයුතු කර ඇත.
ඒ අනුව මේ වන විට එම අරමුදල සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක් එකතු වී ඇති බවයි පාකිස්තානු මාධ්‍ය වාර්තා කළේ.
එමෙන් ම ප්‍රියන්ත කුමාර මහතාගේ මාසික වැටුප ද ඒ අයුරින්ම පවුලේ සාමාජිකයින් වෙත අඛන්ඩව ලබා දීමට කටයුතු කරන බව ද පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතා ප්‍රකාශ කර ඇත.
මෙම ම්ලේච්ඡ ක්‍රියාවට සම්බන්ධ වූවන්ට කිසිදු බුරුලක් පාකිස්තානයෙන් ලබා නොදෙන බව ද පාකිස්තාන අගමැතිවරයා සඳහන් කර ඇත.