බලධාරින්ගේ හිංසාවට ලක්වීමට එරෙහිව මාසයකට අධික කාලයක් ඉස්ලාමාබාද් නුවර විරෝධතාවක නිරතව සිටි බලුකිස්තාන ජාතිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඉවත් කිරීම සම්බන්ධව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පාකිස්තාන රජයට අප්‍රසාදය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පාකිස්තානය තුළ සිදු කරන සාමකාමී විරෝධතා සඳහා ජනතාවට ඇති අයිතිය රජය විසින් තහවුරු කළ යුතුව ඇතැයි ප්‍රකාශ කරමින් එම සිදුවීම හෙළා දකින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
දකුණුදිග පාකිස්තානයේ පිහිටි බලුකිස්තාන ප්‍රාන්තයේ සිට කිලෝමීටර් දහස් ගණනක දුරක් ගෙවමින් ඉස්ලාමාබාද් නුවරට පැමිණි සිය ගණනාවක බලුකිස්තාන කාන්තාවන් විශාල ප්‍රමාණයක් එම ප්‍රාන්තයේ තරුණ තරුණියන් අතුරුදන්වීමට එරෙහිව පැවැති එම විරෝධතාවට සහභාගි වී ඇත. අතුරුදන්වූවන්ගේ මාපියන් හා දරුවන් ඇතුළුව එම විරෝධතාවට සහභාගි වූ පිරිස විසුරුවා හැරීමට පියවර ගෙන ඇති ඉස්ලාමාබාද් පොලිසිය තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(දිනමිණ)