පාකිස්ථානයෙන් ජාත්‍යන්තරයට ඉල්ලීමක්.

රට පුරා ගංවතුර තත්ත්වයේ බලපෑම හේතුවෙන් තම රටට තවදුරටත් ජාත්‍යන්තර ආධාර අවශ්‍යව පවතින බවයි පාකිස්ථානය ප්‍රකාශ කළේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ තවත් රටවල් කිහිපයක්ම ආධාර ලබා දී තිබුණ ද පවතින වාතාවරණය අනුව තව දුරටත් අරමුදල් අවශ්‍ය කරන බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේ.

මෙම ගංවතුර තත්ත්වය ජුනි මාසයේ සිට පවතින අතර එමගින් දහසකට අධික පිරිසක් මියගොස් ඇති බවත් පුද්ගලයින් මිලියන ගණනක පිරිසක් අවතැන්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

විචාරකයින් සඳහන් කරන්නේ පාකිස්තානය මේ වන විට ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවත් ගංවතුර හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් උග්‍ර වී ඇති බවත් ය.

Exit mobile version