උතුරු දිග පාකිස්ථානයේ චිලාස් නගරය ආසන්නයේ දී බස් රථයකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් විසින් මගීන් 8 දෙනෙකු ඝාතනය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන් .
බස්රථයට ඇතුළු වූ තුවක්කරුවන් එහි සිටි මගීන් ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාර මාලාවක් සිදුකර පලාගොස් ඇති අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවත් , වෙඩි තැබීමට හේතුව ද මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වාර්තා වේ .