පාඨලීගෙන් පැය 03ක ප්‍රකාශයක්

අද (24) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගෙන් පැය 03ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මෙලෙස පාඨලී චම්පික රණවක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත්තේ ඉකුත් යහපාලන ආණ්ඩු සමයේ දී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන ලද “යකඩ මිනිසා” නමැති ව්‍යාපෘතියට අදාළව සිදු වූ බව පවසන මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳව බවයි වාර්තා වී ඇත්තේ.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් ද  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශ ලබාදෙන  අවස්ථාවේ දී ඒ අසලට පැමිණ තිබුණි.

Exit mobile version