ඊයේ (11) සවස ගොඩඋඩ ප්රදේශයේ අතුරු මාර්ගයේ අධික බෑවුමක් සහිත ස්ථානයකදී පාපැදිය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන විදුලි රැහැන් කණුවක වැදී අවුරුදු 10 ක පිරිමි දරුවෙකු අනතුරට පත්ව ඇති අතර දරුවා බතීගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
මෙම දරුවා කොට්ටගොඩ ප්රදේශයේ පදිංචි අයෙක් වන අතර මෘත දේහය මාතර රෝහලේ තැන්පත් කර ඇති බව සදහන් . දික්වැල්ල පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව වාර්තා වේ.