පාපැදි තරගයක් අතරතුර තරගකරුවෙකු තල්ලු කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් තවත් පාපැදිකරුවෙක් අත්අඩංගුවට ගත් බව හිරණ පොලිසිය වාර්තා කරයි.
පසුගිය 23 වනදා හිරණ- තේක්කවත්ත බක්මහ උළෙලට සමගාමිව පැවති පාපැදි තරගයක් අතරතුර, තරගය අවසන් වීමට මීටර් 100ක් පමණ තිබියදී තරගයේ සිටි කොහුවල යුධ හමුදා කදවුරේ රාජකාරියේ නිරත සාමාන්‍ය සෙබළෙකු ,එම හමුදා කදවුරේම කෝප්‍රල්වරයාව අතින් තල්ලු කර ඇති බවට අනාවරණය වේ.
එහිදී මාර්ගය ආසන්නයේ තරගය නරඹමින් සිටි කුඩා දරුවෙකුගේ ඇගේ වැදී කෝප්‍රල්වරයා පාපැදියද සමග බිම ඇද වැටී ඇති අතර බරපතළ තුවාල ලැබූ පාපැදි ක්‍රීඩකයා සහ දරුවා ප්‍රතිකාර සදහා පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව පාපැදි ක්‍රීඩකයා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබේ.
අත්අඩංගුවට ගත් සිද්ධියට සම්බන්ධ සැකකාර යුධ හමුදා සාමාන්‍ය සෙබළා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවට අනාවරණය වේ.