ඉන්දීය පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රාහරයක් එල්ල වී ඇති බවට තොරතුරු වාර්තා වේ.
මීට අවුරුදු 22 කට පෙර අද (13) වැනි දිනක ඉන්දීය පාර්ලිමේන්තුවට මෙවැනි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එහි සංවත්සර සැමරුමක් ලෙස මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට සඳහන් කරයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි පුද්ගලයින් දෙදෙනෙකු පාර්ලිමේන්තුවට ඇතුළු වී මන්ත්‍රීවරුන්ට හා කථානායකවරයාට කදුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇති බවයි.අදාළ පුද්ගලයින් දෙදෙනා ආරක්ෂක මුර කපොළු 5ක් පසු කරමින් පිවිස ඇති අතර මෙම සිදුවීම හේතුවෙන් පාර්ලිමේන්තුව පස්වරු 5 දක්වා කල් තබා ඇත.