මෙරට 09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය එළඹෙන 07 වනදා ඇරඹෙන බවට පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී උදෑසන 10.30 ජනපතිගේ ප්රධානත්වයෙන් එම සැසිවාරය උත්සවාකාරයෙන් පැවැත්වෙනු ඇති.
එදින ජනපති විසින් ඉදිරිපත් කරනු ලබන රජයේ ප්රතිපත්ති ප්රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ද එම නිවේදනයේ සඳහන් .
එහි දැක්වෙන්නේ එම විවාදය පෙබරවාරි 08 වනදා සහ 09 වනදා උදෑසන 9.30සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායකවරයාගේ ප්රධානත්වයෙන් අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කළ බවයි.