රාජාසන කතාව සිදු කිරීම සදහා අද දින පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සභා ගැබට පැමිණෙන විට නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන මන්ත්රීවරු ජනාධිපතිවරයාට විරෝධය පළ කොට සභාගැබෙන් පිටව ගොස් තිබේ.
‘රාජාසන මේනියාව..!’ ‘රාජාසන මේනියාව…!! යනුවෙන් විරෝධතා සටන් පාඨ කියමින් මන්ත්රීවරු මෙසේ පිටව යන බව දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය තුල දක්නට තිබේ.
පසුගියදා අටවන ජනපති රනිල් වික්රමසිංහගේ රාජාසන කතාව වර්ජනය කරන බව සජබ ඇතුළු පක්ෂ රැසක් සදහන් කර තිබූ අතර එම පක්ෂවල මන්ත්රීවරු පාර්ලිමේන්තුවට පැමිණියේ නැති අතර ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් රාජාසන කතාව ප්රතික්ෂේප නොකරන බව පැවසුවද ඔවුන්ද අද පාර්ලිමේන්තුව වර්ජනක කර තිබු බව වාර්ථා වේ.
කෙසේ නමුත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අර්බුධ රැසක් මැද විවිධ උපක්රම සමග රට පාලනය කරන බව දක්නට තිබුණත් ජාතික ප්රතිපත්තියක් නොමැති නිසා රට කෙලින් කිරීම ඔහුට ලේසි නොවනු ඇත. එසේම සියලුම දෙනා පාහේ දුෂිත බව දක්නට තිබෙන බැවින් ජාතික ප්රතිපත්තියක් සැකසීමද ලේසි නොවනු ඇත.