විපක්ෂයේ මන්ත්‍රීවරුන් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සභා ගර්භයේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඔවුන් අදත් ‘දියව් දියව් ඡන්දෙ දියව්’ යනුවෙන් සටන් පාඨ ප්‍රකාශ කරමින් සිය විරෝධතාව පළ කළා.මේ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහද අද (23) පාර්ලිමේන්තුවට පැමිණියා.
එහි දී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ, මැතිවරණය පැවැත්වෙන දිනයක් පිළිබඳ මැතිවරණ කොමිසම මෙතෙක් නිල තීරණයක් ගෙන නොමැති බවයි.