පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.
ඒ, දෙමළ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් විරෝධතාවයක නිරතවීම හේතුවෙනි.
ඔවුන් පවසන්නේ පසුගිය 8 වැනිදා වවුනියාවේ හින්දු කෝවිලකදි පුද්ගලයින් 8දෙනෙකු පුරා විද්‍යා නිලධාරීන් විසින් කිසිදු පදනමක් නොමැතිව අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම පුද්ගලයින් නිදහස් කරන මෙන් ඉල්ලා එම දෙමළ මන්ත්‍රීවරුන් විරෝධතාවයේ නිරත වන බව සදහන්.
එහිදී විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පැවසුවේ අධිකරණය විසින් අත්අඩංගුවට පුද්ගලයින් පිළිබදව අපක්ෂපාතීව කරුණු සොයාබලා ඉදිරි පියවර ගනු ඇති බවයි.