පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය විවෘත කිරීම පිළිබඳව සළකා බැලේ

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය යළිත් විවෘත කිරීම සම්බන්ධයෙන් එළඹෙන ජනවාරි මාසයේ දී  සලකා බලන බවයි.

මෙම වසර තුළ දී මහජන ගැලරිය විවෘත කිරීම සිදු නොවන බවයි ඒ අනුව සඳහන් වන්නේ.

පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ රට තුළ උද්ගතව ඇති කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන පක්ෂ නායකයින් ජනවාරි මස තුළ දී අදාළ තීරණයට එළඹෙන බවයි.

Exit mobile version