අද (21) සහ හෙට (22) දෙදින පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් දින දෙකක් පමණක් පාර්ලිමේන්තුව රැස්වන බවයි.
අද දිනයේ උදෑසබ 10.00 පාර්ලිමේන්තුව ආරම්භ වන අතර 11.00 දක්වා මන්ත්රිවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව ,සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක් ,වරාය සහ ගුවන්ටතොටුපොළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05ක්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක් ඇතුළු රෙගුලාසි කිහිපයක් විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.
එසේම හෙට දිනයේ පාර්ලිමේන්තුවේ දී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.