පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ පිරිසකටත් කොවිඩ්.

රටේ පවත්නා තත්ත්වය හේතුකොටගෙන පාර්ලිමේන්තුව තුළ ද අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර ඇති අතර, එයින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සිදු කරන ලද පරීක්ෂණ 275 කින් 12 දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.

මෙලෙස පරීක්ෂාවට ලක් වී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ කාර්ය මණ්ඩලය හා ජනමාධ්‍යවේදීන් පිරිසක් වන අතර අද (17) පෙරවරු 09:00 සිට මධ්‍යහන 12:00 දක්වා කාලය තුළ එම පරිශ්‍රයේ දී මෙම අහඹු ඇන්ටිජන් පරීක්ෂාව සිදු කර ඇත.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මේ වන විට එම ආසාදිතයින් 12 දෙනාගේ ආශ්‍රිතයෙන් හඳුනාගෙන ඔවුන් නිරෝධානය ට යොමු කිරීමට පියවර ගෙන ඇති බවත් ,අදාළ අංශ විෂබීජහරණයට ද කටයුතු කළ බවත් ය.

මේ හේතුවෙන් හෙට (18) සිට නැවත දැනුම් දෙනතුරු පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු අවම කාර්යමණ්ඩලයක් සහිතව සිදු කිරීමට තීරණය කර ඇත.

Exit mobile version