වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවය කරන නිලධාරීන් දෙසැම්බර් මස 31 වනදා වන විට විශ්‍රාම ගැන්වීමට රජය තීරණය කර ඇත.
පසුගිය දා පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලය විශ්‍රාම ගැන්වීමේ අවවම වයස් සීමාව අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීඹට උත්සහ දරා තිබූ බව සඳහන් වේ.
කෙසේ නමුත් රජය මෑතකදී ගත් තීරණයට අනුව විශ්‍රාම ගැන්වීමේ අවම වයස් සීමාව අවුරුදු 60ක් දක්වා පහළ දැමීමත් සමග එම කාර්ය මණ්ඩලය ද වයස අවුරුදු 60න් විශ්‍රාම ගැන්වීමට තීරණය කර ඇත.
මේ අනුව මේ වන විට සේවයේ නියුතු වයස අවුරුදු 60 ඉක්මවූ සේවකයින් දෙසැම්බර් මස 31 වනදා හෝ ඊට පෙර විශ්‍රාම ගැන්වීමේ හැකියාව පවතියි.
එමෙන්ම පාර්ලිමේන්තු මහ ලේකම් කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු පුද්ගලයින් වයයස අවුරුදු 50 සම්පූර්ණ වූ පසු වයස අවුරුදු 60ට පෙර විශ්‍රාම යාමට අපේක්ෂා කරන්නේ නම් විශ්‍රාම යාමට අවශ්‍ය දිනට මාස 06කට පෙර ඒ බව ලිඛිතව දැනුම් දී කාථානායකවරයාගේ අනුමැතිය ලබාගත යුතුව ඇත.