පාර්ලිමේන්තු මංත්‍රීනියකගේ සුරා සලකට එරෙහිව පුංචි එවුන් ප්‍රධාන මාර්ගයක් අවහිරකරමින් විරෝධතාවයක.

අද (16) ඕපනායක පොලිස් වසමේ හුනුවල ප්‍රදේශයේදී බදුලු – කොලඹ මාර්ගය අවහිරකරමින් දැවැන්ත මහජන උද්ඝෝෂණයක් පැවැත්විණි. ඒ ප්‍රදේශයේ විවෘත අකර තිබෙන සහ විවෘත කිරීමට යෝජිත සුරාසල් දෙකකට එරෙහිවය.

මාස 6කට පමන පෙර සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලදාරින් පිරිසක් මගින් කල වැටලීමකදී සුරාබදු පනත උල්ලංඝනය කිරීම නිසා සීල් තබා තිබු සුරා සැලක් ඊයේ දින (15) නැවත පැරනි බලපත්‍රයටම විවෘත කර තිබේ. ඒ හුනුවල  මැටිහක්වල හන්දිය ආසන්නයේය (ස්ටෝරුව අසල).

ඒ අතරතුර ගල්හිර හන්දිය, හුනුවල, ඕපනායක යන ලිපිනයේ පිහිටි හොටෙල් හිල්රෝ නමැති හෝටලයට නව සුරාසැල්බලපත්‍රයක් (ර.බී.07/08) ඉල්ලුම් කර ඇති අතර එයට විරෝදතාවත් ඇත්නම් ග්‍රාමසේවක හෝ ප්‍රාදේශීය ලේකම් වෙත ලිකිතව ඉදිරිපත් කරන ලෙස එන්.එම්.මුදිතා ප්‍රියශාන්ති ජිනදාස ටී.එල්.පී. ද සොයිසා සහ ටී.ටී.එන්. ද සොයිසා යන පුද්ගලයින්ගේ නම් සහිතව  දැන්වීම් ප්‍රසිද්ද කර ඇත.

මෙම හේතූන් දෙකටම විරුද්ධ වූ ප්‍රදේශයේ පුද්ගලයින් ඊයේ (15) ප්‍රදේශයේ කලුකොඩි ඔසවා තිබුනි. ඒ අතර අද ප්‍රදේශයේ හිමිවරුන්, දහම්පාසල් ගුරුවරුන්,  පාසල් දරුවන් මෙන්ම විශාල පිරිසක් බදුල්ල කොලඹ මාර්ගය අවහිර කර විශාල විරෝදතාවක නියැලුනි.

මෙම උද්ඝෝෂණයේ විශේෂත්වය නම් “සුරාව අපට එපා” ලෙස කුඩා දරුවන්ද උද්ඝෝෂණයේ නිරත වීමයි. කුඩා කල සිටම ඒ ආකාරයෙන් දරුන්වන්ට පුරුදු කිරීම රටක අනාගතය ඉතාමත්ම සුභ වන අතර එය දෙමාපියන් විසින්ද ලබනා ජයග්‍රහණයකි. එසේම සමාජ මාධ්‍ය පරිහරණය කරනා විශාල ප්‍රමාණයක් තම අදහස් දක්වා තිබෙන්නේ ඔවුන්ට සුරාව අවශ්‍ය ආකාරයට සහ විවිධ නින්දා සහගත ආකාරයෙනි.

“සුරාව අපට එපා” කියන දරු පරපුරක් යනු රටට වංචනිකයන්, දුෂිතයන්, අපරාධකරුවන් අනාගතයේ බිහි නොවන බවට දෙන ඉඟියකි. එයින් පාලකයන්ට මෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ට ද දැඩි පහරක් එල්ල වේ. එසේම වත්මන් සමාජයේ මත්ද්‍රව්‍ය භාවිතා නොකරන තරුණ පිරිස් ඇත්තේ අල්ප ලෙසිනි. ඔවුන් බොහෝ දෙනෙකු සතුව රට ගැන හෝ තමාගේ අනාගතය ගැනවත් යහපත් තීරණ ගැනීමේ හැකියාව නැත.

එවන් පසුබිමක් නිර්මාණය වි තිබෙන රටකට, දෙමාපියන් ඇතුළු රට ගැන හිතනා පරපුරක්, තවත් පරපුරක් වෙනුවෙන්, ඔවුන්ද සමග උද්ඝෝෂණයක නිරවෙමින් “අපට සුරාව එපා” කියා හඩක් නැගීමද යහපත් ප්‍රවනතාවයකි.

Exit mobile version