පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ්.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාටද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

මන්ත්‍රීවරයා සිය බිරිඳ හා දියණිය ද සමඟ පරීක්ෂණ සඳහා යොමුව ඇත්තේ ඔහුට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමේ හේතුවෙන් වන අතර පරීක්ෂාවෙන් තිදෙනාටම කොවිඩ් ආසාදිත බව සනාථ වී ඇත.

පසුගිය දින කිහිපය තුළ තමන් සහ පවුලේ සාමාජිකයින් ඇසුරු කළ සියලුම දෙනා ස්වයං නිරෝධායනයට ලක් වී කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙසට මන්ත්‍රීවරයා තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉල්ලීමක් කර ඇත.

Exit mobile version