පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තුන්දෙනෙකුට ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම් නොවැම්බර් මස 25 විභාගයට

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුලු තුන්දෙනෙකු තමන්ට පනවා ඇති මරණ දඬුවම අහෝසි කර නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම අද නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ රන්තප්‍රිය ගුරුසිංහ යන විනිසුරුවරුන් ඉදිරියේ කැඳවා ඇත.

එහිදී ප්‍රතිශෝධන පෙත්සම නොවැම්බර් මස 25 සිට විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර ඇත.

රත්නපුරයේදී 2015 ජනාධිපතිවරණ කාලයේ දේශපාලන වේදිකාවකට වෙඩි ප්‍රහාර එල්ල කර පුද්ගලයෙකු ඝාතනය කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලැබීම සිද්ධිය සම්බන්ධයේ මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට මරණ දඬුවම නියම කර ඇත්තේ රත්නපුර මහාධිකරණය මගිනි.

Exit mobile version