පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට පැවැත්වේ.

මේ වන විට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව පාර්ලිමේන්තු සභාවාරයේ දී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග විවාද කිරීමෙන් අනතුරුව සම්මත කර ගැනීමට නියමිතව ඇත.

එමෙන්ම පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ විවාදයට ගැනීමට ද නියමිත බව ද වාර්තා වේ.

මේ අතර දෙවන එළිසබෙත් රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝක යෝජනාවක් ද හෙට (23) දිනයේ දී  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version