පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්යක්ෂ,තුෂාන් ගුණවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
එතුමා සිය ඉල්ලා අස්වීමට අදාළ ලිපිය රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත වෙත එළඹෙන අඟහරුවාදා දින භාර දීමට නියමිතව ඇත.
ඔහු සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ භාණ්ඩ මිලදී ගැනීමට අදාළ කොන්ත්‍රාත් ගිවිසුම් කිහිපයකට අත්සන් කිරීමට බලපෑම් කිරීම ,අක්රමිකතාවලට විරුද්ධ වීම ඇතුළු සිද්ධි ගණනාවක දී තමාට එල්ල වූ බලපෑම් හේතුවෙන් බවයි තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කර සිටියේ.