පාර දිගේ තෙරක් නොපෙනෙන එන්නත් පෝලිම.

කොළඹ දිස්ත්‍රික්කයේ එන්නත් කරණ වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වේරහැර එන්නත්කරණ මධ්‍යස්ථානයේ කටයුතු අද උදෑසන 0600 පැයේ සිට ආරමීභ වූ අතර ආරමිභක අවස්ථාවේ  සිට මේ දක්වා ඉතා දිගු පෝලිමි වල ජනතාව රැදී සිටිනු දක්නට ලැබේ. එන්නත් ලබා ගන්නට පැමිණෙන්නන්ගේ  පෝලීම කි.මී 3 කට වඩා දිගු බවත් දැඩි අවුරස්මියද නොතකමින් නිසි සෞක්‍ය උපදෙස් වලින් තොරව ජනතාව තම වාරය එනතෙක් රැදී සිටින බවද අපගේ කොළඹ දිස්ත්‍රික් වාර්ථාකරු සදහන් කළේය. දිගු පෝලිමි හේතුකොට ගෙන මාර්ග අංක  120 පිළියන්දල මාර්ගයේ වේරහැර  සහ 10 කනුව මංසන්දි වල විශාල වාහන තද බදයක්ද දක්නට ලැබෙන බව වාර්තා වෙයි .

මේ අයුරින්ම විශාල එන්නත් ලබා ගැනීමේ දිගු පෝලිමක් පසු ගිය සදුදා (02) දින බත්තරමුල්ල දියත උයනේදීද දක්නට ලැබුණු බව වාර්තා විය.

Exit mobile version