පාසලක වැසිකිළියෙන් බිළිඳු කළලයක් මතුවෙයි.

ගම්පහ ප්‍රදේශයේ පිහිටා ඇති ජාත්‍යන්තර පාසලක කාන්තා වැසිකිළියේ තිබී නොමේරූ බිළිඳු කළලයක් හමුව ඇති බව වාර්තා වේ.

මෙසේ සොයා ගැනුනු බිළිඳු කළලය පරීක්ෂණ කටයුතු සඳහා ගම්පහ රෝහල වෙත යොමු කර ඇති බව සඳහන් ව ඇති අතර මෙය වැසිකිළිය පිරිසිදු කිරීමට ගිය සනීපාරක්ෂක කම්කරුවෙක්ට හමුව ඇති බව ද වාර්තා වේ.

කෙසේ නමුත් මෙම බිළිඳු කළලය පාසලේ වැසිකිළිය තුළට පැමිණියේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වී නොමැත.

අබුද්දස්ස කාලේ කිව්වට මෙවැනි දේවල් අසන්නට ලැබේයැයි අප කෙදිනකවත් අපේක්ෂා කළේ නැත.

විශ්වවිද්‍යාල තුළින් හමු වූ කොන්ඩම් ගැන අසා වික්ෂිප්ත වූ අපට දැන් පාසල්වලින් හමුවන බිළිඳු කළල පිළිබඳ ඇසීමට ද සිදු ව ඇත.

දරුවන්ගේ නොතේරුම්කමට කිසිවක් ඔවුන්ට පැවසිය නොහැකි වුවත් දියණියක් වැඩිවියට පත්වන විට ඉදිරියේ දී ඇැයට මුහුණ දීමට සිදුවන අන්තරායන් සහ ඒවායේ ප්‍රතිඵල පිළිබඳ දැනුවත් කිරීමේ වගකීම සම්පූර්ණයෙන්ම එම දරුවන්ගේ මවක් සතුව ඇත.

පැරැන්නන් පවසන්නේ ගැහැණු දරුවෙක් යනු වීදුරු බෝලයක් වැනි බවයි.එය බිඳී ගියහොත් යළි සකස් කළ නොහැකි සේ ගැහැණු දරුවෙකුගේ ජීවිතය ද මෙසේ විනාශ වුවහොත් යළි සකස් කළ නොහැක.

ශ්‍රී ලංකාවේ සමාජය අද වන විට කෙතරම් දූෂණය වීද යන්නට මෙය මනා නිදසුනකි.නමුත් මෙවැනි විනාශයන් සිදු වීමට තවදුරටත් ඉඩ ලබා නොදිය යුතුව ඇත.

මෙම කළලයේ හිමිකාරිය හමු වුවහොත් ඇතැම් විට එය ඔවුන් සඟවයි නැතහොත් ඇය නීති මගට යොමු කර ඇයව පරිවාසභාරයේ තැබීමට පවා පියවර ගත හැක.එවැනි ඉරණමක් අත් වුවහොත් එම ගැහැණු දැරියට ඉදිරියේ දී මුහුණ පෑමට සිදුවන්නේ ඉතාමත් කටුක ජීවිතයකට ද විය හැක.   

Exit mobile version