පාසලක ළමුන් 19 ක් සහ ගුරුවරුන් දෙදෙනෙකු මරා දමයි. (වීඩියෝ)

18 හැවිරිදි තුවක්කු කරුවෙකු එකසත් ජනපදයේ ටෙක්සාස්හි උවාල්ඩේහි ප්‍රාථමික පාසලක ළමුන් 19 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු වෙඩි තබා මරා දමා තිබේ.

පන්ති කාමරයකට කඩා වැදුණු මෙම තුවක්කුකරු එම මාර්ගයේ පැමිණෙන සියලුම දෙනාට වෙඩි තබා ඇත. ජාත්‍යන්තර පුවත් සේවා වලට අනුව මියගොස් තිබෙන සියලුම දරුවන් එකම පන්තියේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අයයි.

අනෙකුත් දරුවන් බේරාගැනීම සදහා පන්ති කාමරවල දොරවල් කඩා දමා ඇති අතර අවසානයේ ජනතාව බේරා ගැනීම උදේසා තුවක්කුකරුවා වෙඩි තබා තිබේ.

මෙසේ 2012 වර්ෂයේ දෙසැම්බර් මසද කනෙක්ටිකට් හි සැන්ඩ් හුක් ප්‍රාථමිකයේ ද ළමුන් 20 ක් සහ වැඩිහිටියන් 6 දෙනෙකු මරා දැමුවේද තුවක්කුකරුවෙකු විසිනි. එම ප්‍රහාරයෙන් පසු එල්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවද වාර්තා වේ. එහි වැඩි හිටියන් කෑ ගසමින් කදුළු සලන අතරතුර තවත් පුද්ගලයන් ඔවුන්ව සනසන බවද විදේශ පුවත් වාර්තා කර තිබේ. මිය ගොස් ඇති වැඩිහිටියන් දෙදෙනාගෙන් එක් අයෙකු 69 හැවිරිදි වායු සමීකරණ ශිල්පියෙකු බවද, ඔහු මිය ගොස් ඇත්තේ තම 10 හැවිරිදි මී මිනිබිරිය සොයමින් සිටියදී බව සදහන් වේ. එම වෙඩි තැබීම ගැන තම දියණියගෙන් ලැබුණු දුරකථන ඇමතුමට අනුව මී මිනිබිරිය සොයා ඔහු ගොස් තිබේ. එසේම මියගිය අනෙක් වැඩිහිටියා ගුරුවරයෙකු බව සදහන්ය.

Exit mobile version