පාසල් ආරම්භය අදියර හතරක් යටතේ සිදුකිරීමට සූදානම්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ පාසල් ආරම්භය නොවැම්බර් මස මුල් සතියේ සිට අදියර 04ක් යටතේ සිදුකිරිමට සියලු කටයුතු සූදානම් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමෙන් පසුව යම් කාලසීමාවක් විෂය නිර්දේශය ආවරණය කිරීමට සහ දරුවන් විභාග සඳහා සූදානම් කිරීමට ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

අද (08) පැවති පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය අමාත්‍යවරයා විසින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version