රට තුළ උද්ගතව පවතින ඉන්ධන අර්බුදය හමුවේ සති කිහිපයක කාලයක් රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා නිවාඩු ලබා දී තිබුණි.
කෙසේ නමුත් හෙට (25) දිනයේ දී යළි පාසල් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
එසේම 2022 වර්ෂයේ පළමු පාසල් වාරය සැප්තැම්බර් මස 07 වනදා තෙක් දීර්ඝ කෙරෙන බවත්, දෙවන සහ තෙවන වාර පැවැත්වෙන අයුරු ඉදිරියේ දී දැනුම්දෙන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පසුගිය දා නිවේදනය කරන ලදී.
පළමු වාර පරීක්ෂණය ද නොපැවැත්වෙන බව ද වැඩිදුරටත් සඳහන් කර ඇත.
එමෙන්ම පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය තෙක් සංශෝධිත විෂය නිර්දේශ ලබා දීමට කටයුතු කෙරෙන අතර, හෙට සිට ඊට අදාළ ඉගැන්වීම් කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.
මේ අනුව සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දින 03 පමණක් යළි දැනුම්දෙන තුරු පාසල් පැවැත්වීමට නියමිත අතර, එසේ පාසල් නොපැවැත්වෙන බදාදා සහ සිකුරාදා දෙදින දරුවන්ට නිවෙස්පාදක ඉගෙනුම් ක්‍රියාකාරකම් ලබාදීම හෝ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම් සිදුකළ යුතු ව ඇත.