ප්‍රාථමික පාසල් ඔක්තෝබර් මස අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
ඊට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය රීතීන්ට අනුකූලව ක්‍රමානුකූලව සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇත.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.