පාසල් ආරම්භ කිරීමට සැලසුම්

ප්‍රාථමික පාසල් ඔක්තෝබර් මස අවසන් වීමට ප්‍රථම ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

 ඊට අවශ්‍ය කටයුතු සෞඛ්‍ය රීතීන්ට අනුකූලව ක්‍රමානුකූලව සිදු කළ යුතු බව ද අමාත්‍යවරයා විසින් පෙන්වා දී ඇත.

අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු විමධ්‍යගත ප්‍රතිපාදන මත මහරගම මාදිවෙල ග්‍රාමීය ජනතා පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් මෙම අදහස් දක්වා ඇත.

Exit mobile version