පාසල් ගොඩනැගිල්ලක ගින්නක්.

වැලිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආරාබි කාන්තා පාසලක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.

ගින්න සිදුවන අවස්ථාවේ එම පාසලේ දරුවන් 150කට ආසන්න පිරිසක් සිට ඇතිමුත් ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදුව නොමැති බව සදහන්.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න නිවාදැමීමට කටයුතු කර ඇතිමුත් ගින්නෙන් දේපළවලද දැඩි හානි සිදුව තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version