පාසල් ජල බිල්පතෙහි බරත් දෙමව්පියන්ගේ කර මතට

පාසල් ජල බිල්පත් ගෙවන ලෙස දන්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය රජයේ පාසල් වෙත චක්‍රලේඛයක් යවා ඇත.

මෙතෙක් පාසල්වල ජල බිල්පත් ගෙවීම සඳහා යවනු ලැබුවේ මහා භාණ්ඩාගාරය වෙත ය.

මහා භාණ්ඩාගාරයෙන් බිල නොගෙවන බැවින් පාසල්වලින් අය කර ගැනීමට තීරණය කළ බව ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙක් පැවසීය.

පාසල්වල භාවිත කරන ජලය වෙනුවෙන් වසරකට රුපියල් කෝටි දහයකට ආසන්න ජල බිලක් මහා භාණ්ඩාගාරයෙන් ගෙවිය යුතු වුවත් කිසිදු අවස්ථාවක පාසල් ජල බිල් ගෙවීමට පියවර ගෙන නොමැති බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

Exit mobile version