වයස අවුරුදු 12 – 18 ත් අතර දරුවන්ට සැප්තැම්බර් මස 15 න් පසු එන්නත් කොවිඩ් මර්ධන එන්නත් ලබා දීම සදහා අවධානය යොමුව ඇති බව, කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කලේ අද (29) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කරමින් කොවිඩ් මර්ධනය පිලිබදව එහි ප්‍රගතිය දක්වමින්ය.
පාසල් දරුවන් සදහා ෆයිසර් එන්නත හෝ මොඩර්නා එන්නත ලබා දීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද, සැප්තැම්බර් මස 15 වන විට වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන්ට එන්නත්කරණය අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා සඳහන් කළේය.