පාසල් දැරියක් කොවිඩ් රකුසාට බිළි

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 06 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් අද (30) කොවිඩ් ආසාදනය වීමෙන් මියගොස් ඇති බව වාර්තා වේ.

අදාළ දැරිය ‌මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මියගොස් ඇති බව සඳහන් වේ.

මියගිය දැරිය බී.එම්.ටී.මනීෂා කුමාරි ප්‍රනාන්දු නමැතියක් වන අතර ඇය නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

පසුගිය 28 වනදා ඇය පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මාරවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇත.

අනතුරුව කරන ලද පරීක්ෂාවකදී ඇයට කොවිඩ ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Exit mobile version