පාසැල් සිසුන් සදහා නොමිලයේ ලබා දෙන නිල ඇදුම් රෙදි බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් උතුරු නැගෙනහිර , උතුරුමැද , ඌව වැනි පළාත්වල පාසැල් සිසුන්ට මුලින් නිල ඇදුම් රෙදි ප්‍රවාහනය කර ක්‍රමක්‍රමයෙන් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසැල් සදහා නිල ඇදුම් රෙදි බෙදා හැරීම සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කරන ලදී.
වාර්තා වන ආකාරයට මෙම නිල ඇදුම් රෙදි සදහා 70%ක්ම චීන රජයෙන් පිරිනැමූ බව කියයි.
ඒ අනුව නිල ඇදුම් සදහා වැය වන මුදල රුපියල් කෝටි 780 ක් වන අතර ඉන් රුපියල් කෝටි 550ක් ක පාසැල් නිල ඇදුම් රෙදි චීන රජය විසින් පිරිනැමූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.