පෙබරවාරි 07 වනදා සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද මෙම තීරණය වලංගු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.
එමෙන්ම යළි පාසල් ආරම්භ වන්නේ මාර්තු මස 07 වනදා බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.