පාසල් නිවාඩුව පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

පෙබරවාරි 07 වනදා සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

රජයේ මෙන්ම රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද මෙම තීරණය වලංගු වන බවයි නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එමෙන්ම යළි පාසල් ආරම්භ වන්නේ මාර්තු මස 07 වනදා බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

Exit mobile version