පාසල් නිවාඩුව හෙට සිටම 

දිවයින පුරා සියලු පාසල් වලට හෙට දින නිවාඩු ලබා දීමට රජය තීරණය තිබෙනවා. ඒ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙනුයි.

ඒ අනුව අනිද්දා දිනයේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ පළමු පාසල් වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව හෙට සිට ක්‍රියාත්මක වෙයි.

දෙවැනි වාරය සඳහා පාසල් යලි ජුනි 6 වනදා විවෘත වීමට නියමිතයි.

එසේම රාජ්‍ය සේවකයන්ටද නිවාඩු ලබා දීමට තීරණය කරන ලද්දේ පාර්ලිමේන්තුවේදීය. ඒ සදහා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයද සිය නිවෙදනය නිකුත් කර තිබේ.

Exit mobile version