පාසල් වැඩ පොත් අඩු කරයි.

ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙමඟින් අපේක්ෂා කරන අතර සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරෙන බව සදහන්.

මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version