පාසල් සිසුන්ට හමුදාවෙන් ප්‍රහාරයක්! (වීඩියෝ). රාජ්‍ය සේවකයනුත් සම්බන්ධයි!

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහ පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියේ දුෂිත නිලධාරීන් විසින් දුෂිතයන් රකිමින්, පිඩිතයන්ට තම නිරුවත පෙන්වීමේ නින්ධිත ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙස රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ සමහර දරුවන්ට සහ සමහර ගුරුවරුන්ට මැර ප්‍රහාරවලට සහ විවිධ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුව තිබේ. එහි තවත් ප්‍රතිපලයක් ලෙස අද උදෑසන ක්‍රීඩා පුහුණුවිම් කරන අතරතුර යුද්ධ හමුදා සාමාජිකයන් සහ රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙකු දරුවන්ට සහ ක්‍රීඩා උපදේශක ගුරුවරයාට පහර දී තිබේ.

මෙම පිරිස මුලින්ම පහරදී තිබෙන්නේ දරුවන්ට වන අතර දරුවන් බේරාගැනීමට ගිට ක්‍රීඩා උපදේශකට පසුව ප්‍රහාරය එල්ලකර තිබේ. මෙම පහරදීමට අසිත, අසංග, රෝහිත යන නම් වලින් කියවෙන පුද්ගලයන් කණ්ඩායමක් සහභාගි වී තිබේ. එම සියලුම දෙනා යුද්ධ හමුදා සාමාජිකයන් සහ රාජ්‍ය සේවකයන් බව අපට ලැබී තිබෙන පටිගත කිරීම්වල සදහන් වේ. ඔවුන් යුද්ධ හමුදා සාමාජිකයන් නොවේ නම්, ඔවුන් එසේ කියමින් යම් තර්ජනාත්මක ස්වරුපයක් ගෙන සමාජය තුල  ජීවත්වනවා විය හැකිය. ඔවුන් පිළිබදව සොයා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම කල් අයුතු නමුත් රත්නපුර ප්‍රදේශවාසින් ප්‍රකාශකරන්නේ රත්නපුර පොලිසිය නම් කිසිවක් නොකරන බවයි. (මෙම ප්‍රහාරයට හමුදා සාමාජිකයන් සම්බන්ධ නැතිනම් එය නිවරදිකරගැනීම යුද්ධ ආරක්ෂක අමාත්‍යංශ මාධ්‍ය අධ්‍යක්ෂකගේ සහ යුද්ධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකගේ වගකීම වේ. ඔවුන් එසේ බවට මහජනතාව ප්‍රකාශ කරයි. එය නිවැරදි කරගැනීමට අවශ්‍ය ඉඩ කඩ මෙහි තිබේ)

මෙම සිදුවීම් මාළාව සිදුවන්නේ හිටපු විදුහල්පති විසින් පිරිමි ළමුන් අපයෝජනය කලබවට කියවෙන සිද්දියෙන් පසුවය. එම විදුහල්පති එසේ කල බවට ළමා ආරක්ෂක අධිකාරිය තහවුරු කර තිබු අතර මෙය යටගැසීමට වෙරදරනා ප්‍රදේශයේ දෙස්පාලාන් නායකයෙක් එයට බාදාකරමින් මුලිනම් විමර්ශනය කල නිලධාරීන් මාරුකළ බවටද අප වාර්තා කරන ලදී. එසේම රත්නපුර මුලස්ඨාන පොලිසියේ සමහර නිලධාරීන්ගේ දුෂිත ක්‍රියාවලියද අප මීට පෙරම වාර්තාකර තිබේ.

අද මෙසේ පහරකෑමට ලක්වන්නේ, විදුහල්පතිගේ සිද්ධියට අදාලව විදුහල්පතිට එරෙහිව සාක්ෂි දෙන ගුරුවරයාය. ඔහුට මේ වන විට විවිධ මරණිය තර්ජනද එල්ලව තිබේ. පොලිසිය තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටුකළ යුතුය. එසේ කිරීමට නොහැකි නම් මහජනතාවට වදයක් නොවී නිල මහජන නිළ ඇදුම ගලවා ගෙදර යා යුතුය.  අපරාධය සිදුකල පුද්ගලයන් වෙනත් කණ්ඩායම් යොදවා සිදුකරනා මෙම දුෂිත ක්‍රියාවලියන් නැවැත්වීමට රත්නපුර මුලස්ථාන පොලිසියට නොහැකි නම් සබරගමු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින් වෙනත් කණ්ඩායමක් යොදවා වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබා දීමට කටයුතු කල යුතුමය.

මෙවැනිම සිදුවීමක් ඇඹිලිපිටිය මහා විද්‍යාලය තුළද සිදු වේ. එහිද විදුහල්පති ගේ දුෂණ වංචා වෙනුවෙන් පෙනී සිටිනා මැර කණ්ඩායමක් සිටි. එම විද්‍යාලයේ ප්‍රශ්නද පිළිබදවද පැමිණිලි 7 කට වැඩි ප්‍රමාණයක් පොලිසියාට් ගොස් තිබේ. නමුත් විය යුත්ත සිදුව නැත. සමහර ප්‍රශ්නවලදී දෙස්පාලාන් ඇගිලිගැසීම් නිසා සහ වෙනත් හිතවත්කම් නිසා විය යුතු දේ සිදුනොවන බව නොරහසකි. එබැවින් මහජන ආරක්ෂාව උදෙසා මෙම සිද්දීන් දෙකම සබරගමු පළාත් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා යටතට ගෙන වෙනත් ස්වාධීන නිලධාරින් කණ්ඩායමක් යොදවා නිසි පරීක්ෂණයක් සිදුකර තරාතිරම නොබලා ගුරු මැරයන් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනා සිවිල් මැරයන් ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණවලට යොමුකළ කිරීමට කාලය පැමිණ තිබේ අබාව් අප අවධාරණය කරන්නෙමු. හේතුව නම් ගුරුවරුන්, දරුවන්, හෝ දෙමාපියන් මේ ඕනෑම පුද්ගලයෙකුට මරණයෙන් වන්දි ගෙවීමට සිදු වුවහොත් පසුව කුමක් කලත් වැඩක් නැති බැවිනි.

යාවත්කාලින කිරීම. 2023 11 14 10.17

රත්නපුර සීවලී ක්‍රීඩාංගනයෙදී මෙම ප්‍රහාරය අද උදෑසන 07 ට පමණ ප්‍රහාරය සිදුව තිබේ. මෙම ප්‍රහාරකයන් රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ ආදී සිසුන් වේ. දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරීයාද , ඇලෝසියස් විද්‍යාලයේ බාහිර පුහුණුකරුවෙක් ද මෙම පහරදීමට සම්බන්ධව සිටි. තවද යුද්ධ හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවකයන් ද  මෙම පහරදීමට සම්බන්ධව සිටි. ගුවන් හමුදාවේ අය ලෙස ලසන්ත, අමන්ත සහ භානුකත් යුධ හමුදාවේ කෙනෙක් වන්නේ අසිත යන බවටත් යවත්කාලින් තොරතුරු ලැබී තිබේ. ගටලුව තිබෙන්නේ මෙවන් පුද්ගලයන් ක්‍රීඩා කිරීමට හෝ යුධ සහ ගුවන් හමුදාවන් වලට බදවා ගෙන මෙසේ රටට තර්ජනයක් වන ලෙස මුදාහැර තිබෙන්නේ ඇයි ද යන්නයි.

Exit mobile version