පාසල් සිසුවාට කොවිඩ් එන්නත් ලබාදුන් ගුරුවරියට නීතිය ක්‍රියාත්මක වේ

සිය සිසුවාට දෙමාපිය අවසරයකින් තොරව කොවිඩ් මර්දන එන්නත් ලබාදුන් විද්‍යා ගුරුවරියක් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඇයට වෛද්‍ය ක්ෂේත්‍රයේ කිසිදු සුදුසු කමක් නොමැති බවයි බලධාරීන් සඳහන් කළේ.

ලෝරා රූසෝ නමැති අදාළ කාන්තාව 54 හැවිරිදි වන අතර එම එන්නත් මාත්‍රාව සිය නිවසේදී එම සිසුවාට ලබාදී ඇති බවත් එය නීතිවිරෝධී ක්‍රියාවක් බවත් බලධාරීන් සඳහන් කරයි.

කෙසේ නමුත් එම 17 හැවිරිදි පාසල් සිසුවා එන්නත් ලබා ගැනීම සඳහා සිය කැමැත්ත පලකර ඇති නමුත් ඇමරිකාව තුළ මේ වන තෙක් වයස අවුරුදු 18ට අඩු ඇමරිකානුවන් සඳහා එන්නත් කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ ෆයිසඑර් එන්නත පමණි.

මෙම චෝදනාවට වැරදිකරු වුවහොත් ඇයට වසර 04ක සිර දඬුවමක් හිමිවීමට ඉඩ ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Exit mobile version