හැටන් පොලිස් බල ප්රදේශයට අයත් ලෙතන්ටි වතුයායේ පාසල් සිසුවකු තම නිවස තුලදි ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ ලෙතන්ටි වතුයායේ පදිංචි අවුරුදු 15ක් වයසැති සෙන්ගම් ගෝබිනාත් යන 30වන දින රාත්රි 9.00 පමන මෙසේ ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බවත්ය.
මෙසේ ගෙල වැලලාගෙන මිය යාමට හේතුව මෙතෙක් හෙලිවි නොමැති බවත් මේ පිලිබදව හැටන් පොලිසිය විසින් වැඩි දුර පරික්ෂන ආරම්භ කර ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.