පාසල් සිසුවෙක් දියේ ගිලි මිය ගිහින්

ඉහල කොත්මලේ ජලාශයට ජලය සැපයෙන කොත්මලා ඔයේ දිය නැමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලි මිය ගොස් ඇත.

මේ පිළිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු ලිදුල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ ඉහළ කොත්මලේ ජලාශයට ජලය සැපයෙන ප්‍රධාන ඇල මාර්ගයක් වන කොත්මලා ඔයේ දිය නෑමට ගිය අවුරුදු 15ක් වයසැති දිනිදු ගමගේ යන පාසල් සිසුවා25 දින මියගොස් ඇති බවත් ය.

තලවාකැලේ ප්‍රදේශයේ පදිංචි මෙම පාසල් සිසුවා මිතුරන් සමග නගසේන ප්‍රදේශයේ දී දියනෑම සදහා කොත්මලා ඔයට බැස ඇති බවත් එහිදි එම සිසුවා දියේ ගිලී ඇති බවත් ය.

පසුව ප්‍රදේශයේ ජනතාවද සමග එක්ව කරන ලද සෝදිසියකදී එම ඇල මාර්ගයේ වලක් තුළ තිබී එම සිසුවා ගේ මළ සිරුර සොයා ගත් බවත් එම මළසිරුර පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ පැවැත්වීම සදහා මළසිරුර ලිදුල රෝහලට රැගෙන යාමට පියවර ගත් බවත් මේ පිළිබඳව ලිදුල පොලිසිය වැඩි දුර පරික්ෂණ ආරම්භ කර ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය .

Exit mobile version