ඊයේ (2) දින පොදු රාජ්‍ය මණ්ඩලීය මහා ලේකම්වරිය වන පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අතර ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ සාකච්ඡාවක් පැවති අතර පාසල් ළමුන් අතර බෝ නොවන රෝග පාලනය කිරීම උදෙසා පාසල් ජීවිතය තුළ ශාරීරික සුවතා ව්‍යායාම සදහා හෝ එක් ක්‍රීඩාවක් හෝ කිරීමට අනිවාර්ය කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය කටයුතු සකස් කල යුතු බවත් පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරිය සදහන් කරන ලදී.