පාසල් ළමුන්ට දෙවන මාත්‍රාව ලබන සතියේ

වයස අවුරුදු 16 – 19 අතර පාසල් දරුවන් සඳහා දෙවන කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාව ලබන සතිය තුළ දී ලබා දීම ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ වන විට මෙරට තුළ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස සිදු කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන් ම මේ වන විට ප්‍රමාණවත් පරිදි ෆයිසර් එන්නත් මෙරටට ලැබී ඇති බවත් මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා මේ පිළිබඳව සඳහන් කර ඇත.

Exit mobile version