පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයෙන් නිවේදනයක්.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ සභාපති එන්. එම්. හරිස්චන්ද්‍ර මහතා විසින් සදහන් කර ඇත්තේ පාසල් ළමුන් ප්‍රවාන වෑන් සහ බස් රථ ගාස්තු සියයට 5 කින් ඉහළ නංවන බවයි.

ඒ මහතා සදහන් කර ඇත්තේ රජය විසින් ආදායම් බලපත්‍ර, දුම් සහතික, රක්‍ෂණ සහතික, යෝග්‍යතා යන සහතික ලබා ගැනීමේ ගාස්තු වැඩිකර තිබෙන මොහොතක වැඩිකරන ලද ඉන්ධන ගාස්තුවද ඔහුනට දරාගත නොහැකි බවයි.

රජය විසින් මෙලෙස ඉන්ධන ගාස්තු වැඩි කිරීම හේතුවෙන් පාසල් වෑන් සහ බස් රථ හිමිකරුවන් තව තවත් දැඩි අපහසුතාවයට පත්ව ඇති බැවින් මෙම තීරණය ගත් බවයි ඔහු සදහන් කර ඇත්තේ.

මෙම මිල වැඩිවීම් හමුවේ දැනටමත් පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු වලින් සියයට 20 ක ප්‍රමාණයක් ඉවත්වී ඇති බවත් පාසල් වෑන් ගාස්තුව වැඩි කිරීම හමුවේ දෙමාපියන්ට සිදුවන අපහසුතාවය ගැන තම සංගමයේ කනගාටුව පළකරන බවත් ඔහු වැඩිදුරටත් සදහන් කර තිබේ.

Exit mobile version