පාසල අසළ ළිඳකට වැටී 15 හැවිරිදි සිසුවෙක් මරුට

Dead woman lying on the floor under white cloth with focus on hand

ඊයේ (02) දින කින්නියා පොලිස් වසමේ විදුහලක ඉගෙනුම ලැබූ 15 හැවිරිදි  සිසුවෙකු ළිඳකට වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.

එම මරණය සිදුව ඇත්තේ පාසල අසල ඇති ළිඳකට දිය නෑමට ගිය අවස්ථාවේ එම ළිඳට ඇද වැටීම හේතුවෙන් බව දැනට සිදු කර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇත.

මෙම මියගිය සිසුවා මොහොමදිය නගරු, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ළිඳට වැටී සිටි සිසුවා රෝහලට ඇතුළත් කළ පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කර ඇත.එසේම මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ත්‍රිකුණාමලය රෝහලට රැගෙන ගොස් ඇති අතර කින්නියා පොලිසිය මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Exit mobile version