පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවෝ තවමත් වැඩ – සාරා මිය ගියා කියන්න බැරි තරම් සාක්ෂි තියෙනවා.

සජබයි එජාපෙයි කතා කරලා එක තැනකට එන්න ඕන – මුජිබර්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකාරියක වන සාරා ජෙස්මින් නමැත්තිය මියගිය බවට වසර හතරකට පසු DNA වාර්තා ලැබී ඇති බව පවසමින් තහවුරු කිරීමට යම් පිරිස් උත්සාහ කළ ද එය පිළිගත නොහැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ සාරා ජෙස්මින් මිය ගිය බව පැවසෙන ප්‍රහාරයෙන් පසුව ද ඇය ජීවත් වූ බවට සාක්ෂි රැසක් ලැබී ඇති බවයි.

ඒ අනුව සාරා මරණයට පත්වූ බව පවසා පාස්කු ප්‍රහාරය පිළිබඳ සැබෑ කුමන්ත්‍රණය යටපත් කිරීම සඳහා තවමත් සූක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වන බව ඔහු එහිදී සඳහන් කර තිබේ.

රටේ වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව මෙම සාකච්ඡාවේදී කරුණු සාකච්ඡා කර ඇති අතර මුජිබර් රහුමාන් මහතා සඳහන් කර තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය පක්ෂයේ නායකයින් අතර විධිමත් සාකච්ඡාවක් පවත්වා දෙපාර්ශවයට ම යම් අවබෝධයකින් කටයුතු කළ හැකි නම් ඒ පිළිබඳව තමා සතුටු වන බවයි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය පොදුජන පෙරමුණ සමඟ එකට සිටින තාක් කල් තමන් ආණ්ඩුවට සහය නොදක්වන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.

Exit mobile version