පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලු වෙළුම් පාර්ලිමේන්තුව වෙත භාර දී ඇත.
ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී භාර දී ඇත.
2021 වර්ෂයේ පෙබරවාරි මස 23 වන දින පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට භාරදුන් නමුත් නීතිමය හේතූන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.
කෙසේ නමුත් අද (22) දිනයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් අනාවරණය කරගන්නා ලද කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩිදුර පරිශීලනය සඳහා අදාළ ලිපිගොනු පාර්ලිමේන්තුව වෙත භාර දී ඇත.